Thursday, July 9, 2009

දුවේ..


එනවද දුවේ නුඹත්

හිමි දළඳා වඳින්නට

මටත් අම්මාටත් මැදිව

හිමි හිමින් අඩි තියා...


කොළ පාට බබලන මේ මළුව දුටුවාම

පිනි වැටී දිළිසෙන මේ මළුව දුටුවාම

මං දන්නවා....නුඹට ආසයි මළුව පුරා ඇවිදින්න...හැම තැනම දුව පනින්න...


ඒත්...ඉවසපන් දුවේ ටිකක්

වන්දනා කරලා එනකම්...

දළඳා හාමුදුරුවන්ගෙ පිහිටෙන්

නුඹ වගේම අපිටත් දැන් රටක් තියෙන නිසා....

නිදහසේ ඇවිදින්න.........


No comments: