Thursday, July 9, 2009

නුඹට කියන වග නම්.......



හිත ටිකක් කලබල වුණා
නුඹ පෙනෙන්න නැති වුණාම

ඒත් මං හිතට කිව්වා
" බයවෙන්න එපා.....හැමදාම වගේ ඈ ඒවි.....
කොයි මොහොතෙ හරි.....ඉවසන්න......"

මං දන්නවා...නුඹ ඒවි....අද නැත්නම් ‍හෙට....

කවදාවත් ආවෙ නැතත්....... මම අඬන්නෙ නෑ.....

මම දන්නවා නුඹ මගේ බව
නුඹ මොහොතකට හරි හිටියා...මගේ ළඟින්...

ඒ හොඳටම ඇති.....ජීවිතේ තියන තුරාවටම..........

No comments: