Friday, November 11, 2011


 
පෙරදාක සොඳුරු මොහොතක...
හෙමින් මිමිණු ඒ වදන් පෙළ...
දැන සිටියා මම පෙර සිටම...රහසින් කතා කල නුඹේ ඇස් වල...
හිරිපොද වැස්සේ පියමනින විට...
සොදුරු සත්සර ආවඩන විට...
එකිනෙක පැටලුනු දෑඟිලි වල උණුසුම...
පෙරුම් පිරුවෙමි මම ඔය දෙකොපුල් සිප ගන්න...

අද...................
 
මල් පියස යට මේ තරම් දුර පිය මැන්න මුත්...
තාමත් දැනෙයි ඒ මිහිරියාව හිත ලඟින්ම...
සත්තකයි...
ආසයි මම මේ දැනුත්...
ඒ ආදරේ ආයෙත් අලුතින් පටන් ගන්න...

Thursday, September 15, 2011


හිතෙන හැම වෙලේම, කතා කරන්න බැරිවුනත්...

හැම මොහොතෙම මගේ හිතේ ඉදන් හෙමිට ආදරෙන් මුමුනන්නෙ ඔයාගෙ කටහඩ...

හැමදාම දකින්න නැති වුනත්...
ඇහිපිය වැහෙන හැමවෙලේම හිතේ ඇදෙන්නෙ ඔයාව..

කොහෙ බැලුවත් මොනව කලත්..
හැමතැනම ඉන්නෙ ඔයා ඔයා ඔයාම තමයි...

හ්ම්ම්ම්...

දැන් ඉතින් වෙන මොනව කරන්නද..ආදරය කරනු මිස...

මගේ ලස්සනම ලස්සන පුන්චි කුමාරියට...

කාලය කෙතරම් සොඳුරුද?

2009 ජූලි 20 දා කොහොම දවසක් වෙන්න ඇත්ද?..සබන් නැතිව නාන්න වැස්සද?...හාල්මැස්සා වගේ කරවෙන්න අව්වද?...මට නම් ඔය කිසිම දෙයක් එදා වැඩක් නෑ...හේතුව මම දන්න කියන කෙනෙක් මගේ අහිංසක බ්ලොගේ බලන්න ආව නිසා...එයා වෙනුවෙන් එයා ගැනම ලියපු පෝස්ට් එක බලලා ආඩම්බර හිනාවක් දාලා "ලස්සනයි" කියලා කිව්ව වෙලාවෙ දැණුන සතුට...හ්ම්ම්.....කියන්න ආවෙ වෙන දෙයක්නෙ...අවුරුදු 2ට පස්සෙ මෙතනට ගොඩවුනාම පරණ මතක අලුත් වුණා........ඉතින්.....කොහොමද.. කියන්න නම් දේවල් බොහොමයි.....
මේ අවුරුදු 2ට මොන තරම් දේවල් වුණාද...සතුට, දුක, විනෝදය, අභියෝග.. මේ සේරම එක්ක ජීවිතේ ගලාගෙන ගියා..ජීවිතේ කොයිතරම් සුන්දරද...මේ පුංච් කාලෙට වුණ හොඳම දේ..මගෙ දන්න කියන කෙනා මගේම වුණ එක...අලුත් අරමුණක්, ජීවිතයට අලුත් තේරුමක් වගේම මගේ මෝඩ කවි අහගෙන ලඟට වෙලා හිනාවෙවී ඉන්න ඇය ආව නිසාත් ලියවුණ හැම පදයක්ම ඈ වෙනුවෙන්ම වුණ නිසාත් මේ පැත්තෙ එන්න ඕනෙ වුනේ නෑ..
ඒත්...බ්ලොග් එක කියවන්න තවත් කීප දෙනෙක්ම එකතු වුන හින්දත් කවි පබ්ලිෂ් කරන්න අපි දෙන්නටම ඕනෙ වෙලා තිබුණ හින්දත් ආයෙත් ආවා....
ඒත් ඉතින් ඉස්සර වගේ නෙවේ..දැන් ටිකක් බිසී...ඒ හින්දා දැනට ලියලා තියෙන ටික දාන්නම්..එක සැරේ නම් බෑ...දවසකට එක ගානේ....ඇති නේද?

Monday, July 20, 2009

මල් මිටක් තියන්.....!



නෑ...මම කාටවත් මල් මිටක් තියා මලක්වත් දෙන්න හදනව නෙවේ...මේ එක්කෙනෙක්ට ස්තුතිය පලකිරිමක්..ඇත්තම කියනවනම් අර දන්න කියන කෙනාට ස්තුතිය පලකිරිමක්...මේ මල් දැක්කම හිතුනු දේ නම් බොහොමයි..ඒත් ඒව මම පෝස්ට් කරන්නෙ නෑ...ඒකට මේ blog 1 කියවන අය ඉඳීනම් මට සමාව දෙන සේක්වා...හේතුව මම කැමතියි ඒ හිතුනු දේවල් මටම තියාගන්න...හැමදාටම නෙවේ...ටික කාලයක් යනකම්වත්...

මේ මල් ටික හදපු කෙනාට බ්ලොග් 1 වෙනුවෙන් මේ ටික විතරක් කියන්නම්...

හැමෝටම මල් හදන්න බෑ...හැමෝටම මලක් වගෙ ඉන්නත් බෑ..ඒත් නුඹ...

හැමදාමත් මේ මල් වගෙ ලඟින් ඉඳන් හිනැහෙන්න..මගෙ සෙනෙහෙවන්ත මිතුරිය...හැමදාමත්....


දන්න කියන කෙනා වෙත : දැන් ඉතින් බනින්න බෑ මම ගොන් පාට් දැම්ම කියල...

P.S. : The above artwork was done by CeeJay....The Prettiest, Craziest, Cutest best friend i ever had...

මළලසේකරයි..........!

කලෙකට පස්සෙ අයෙමත් බ්ලොග් 1 පැත්තට ගොඩ වුනෙ දන්න කියන කෙනෙක් කතා කරල තව මොනවහරි පොස්ට් කරන්න කිව්වට පස්සෙ...අනේ ඉතින් එහෙම ඉල්ලීමක් අහක දාන්න පුලුවන්ද...ඕං ඉතින් එ හින්ද ආයෙමත් ආව මොනවහරි කුරුටු ගාල යන්න කියල හිතාගෙන...

එහෙම කිව්වට ඉතින් වෙලාවෙ හැටියට ලියන්න තරම් දෙයක් මතක් වෙන්නෙත් නෑ...සිද්ද වෙන්නෙ මේකනෙ...මොනවහරි බහුබූතයක් කල්පනා කරගෙන ඉන්න වෙලාවට ලඟ පාත තියෙන කොල කෑල්ලක් අරගෙන මොනවහරි ලියල දානව...ඊට පස්සෙ ‍දෙතුන් පාරක් කියවල මටම හිතට ඇල්ලුවොත් පොස්ට් කරනව..නැත්නම් ඉතින් ඒක අස්ථානගතයි...අයෙ ඉතින් ඒක හොයන්න SAR ( Search & Rescue) යුනිට් 1ක් ගෙන්න ඕනෙ...පොඩ්ඩක් ඉන්නකො බලන්න...

දන්න කියන කෙනා වෙත : මට පොඩ්ඩක් වෙලාව දෙන්න හො‍‍ඳේ...දැන්ම අන්තර්ජලයෙන් බැහැර වෙන්න අදහසක් නෑනෙ...

Thursday, July 9, 2009

නුඹට කියන වග නම්.......



හිත ටිකක් කලබල වුණා
නුඹ පෙනෙන්න නැති වුණාම

ඒත් මං හිතට කිව්වා
" බයවෙන්න එපා.....හැමදාම වගේ ඈ ඒවි.....
කොයි මොහොතෙ හරි.....ඉවසන්න......"

මං දන්නවා...නුඹ ඒවි....අද නැත්නම් ‍හෙට....

කවදාවත් ආවෙ නැතත්....... මම අඬන්නෙ නෑ.....

මම දන්නවා නුඹ මගේ බව
නුඹ මොහොතකට හරි හිටියා...මගේ ළඟින්...

ඒ හොඳටම ඇති.....ජීවිතේ තියන තුරාවටම..........

දුවේ..


එනවද දුවේ නුඹත්

හිමි දළඳා වඳින්නට

මටත් අම්මාටත් මැදිව

හිමි හිමින් අඩි තියා...


කොළ පාට බබලන මේ මළුව දුටුවාම

පිනි වැටී දිළිසෙන මේ මළුව දුටුවාම

මං දන්නවා....නුඹට ආසයි මළුව පුරා ඇවිදින්න...හැම තැනම දුව පනින්න...


ඒත්...ඉවසපන් දුවේ ටිකක්

වන්දනා කරලා එනකම්...

දළඳා හාමුදුරුවන්ගෙ පිහිටෙන්

නුඹ වගේම අපිටත් දැන් රටක් තියෙන නිසා....

නිදහසේ ඇවිදින්න.........