2009 ජූලි 20 දා කොහොම දවසක් වෙන්න ඇත්ද?..සබන් නැතිව නාන්න වැස්සද?...හාල්මැස්සා වගේ කරවෙන්න අව්වද?...මට නම් ඔය කිසිම දෙයක් එදා වැඩක් නෑ...හේතුව මම දන්න කියන කෙනෙක් මගේ අහිංසක බ්ලොගේ බලන්න ආව නිසා...එයා වෙනුවෙන් එයා ගැනම ලියපු පෝස්ට් එක බලලා ආඩම්බර හිනාවක් දාලා "ලස්සනයි" කියලා කිව්ව වෙලාවෙ දැණුන සතුට...හ්ම්ම්.....කියන්න ආවෙ වෙන දෙයක්නෙ...අවුරුදු 2ට පස්සෙ මෙතනට ගොඩවුනාම පරණ මතක අලුත් වුණා........ඉතින්.....කොහොමද.. කියන්න නම් දේවල් බොහොමයි.....
මේ අවුරුදු 2ට මොන තරම් දේවල් වුණාද...සතුට, දුක, විනෝදය, අභියෝග.. මේ සේරම එක්ක ජීවිතේ ගලාගෙන ගියා..ජීවිතේ කොයිතරම් සුන්දරද...මේ පුංච් කාලෙට වුණ හොඳම දේ..මගෙ දන්න කියන කෙනා මගේම වුණ එක...අලුත් අරමුණක්, ජීවිතයට අලුත් තේරුමක් වගේම මගේ මෝඩ කවි අහගෙන ලඟට වෙලා හිනාවෙවී ඉන්න ඇය ආව නිසාත් ලියවුණ හැම පදයක්ම ඈ වෙනුවෙන්ම වුණ නිසාත් මේ පැත්තෙ එන්න ඕනෙ වුනේ නෑ..
ඒත්...බ්ලොග් එක කියවන්න තවත් කීප දෙනෙක්ම එකතු වුන හින්දත් කවි පබ්ලිෂ් කරන්න අපි දෙන්නටම ඕනෙ වෙලා තිබුණ හින්දත් ආයෙත් ආවා....
ඒත් ඉතින් ඉස්සර වගේ නෙවේ..දැන් ටිකක් බිසී...ඒ හින්දා දැනට ලියලා තියෙන ටික දාන්නම්..එක සැරේ නම් බෑ...දවසකට එක ගානේ....ඇති නේද?
No comments:
Post a Comment